ඉල්ලගෙන නෑම...

කොහොම හරි ගොඩයා වත් වදෙන් පොරෙන් ඇදගෙන උදේ පාන්දර 8ට විතර පාරට බැස්සා. තව ටිකක් ඔරලෝසු කට්ට එහෙ මෙහෙ උනානම් ෂුවර් එදා වේලට වදිනවා. මේ වෙලාවටවත් අම්මපා මුට නගරං කොමිටල් එකක් නොවී ඉන්න බැරි හැ‍ටි. පාරේ යන හැම කෙල්ලෙක්ගෙන් ම මූ කාලගුණය අහනවා.

“ආ නංගී, අද ටිකක් වහින්න වගේ නේද?”
“අහසත් ටිකක් කළු කරලා වගේ නේද?”
“ඊයේ හවස වැස්සට තෙමුණද?”

අනං මනං ප්‍රශ්න කෝටියයි. (මෑන්ව යවන්න තිබ්බේ කාලගුණේ research center එකට. එහෙම එකක් තියෙනවාද කියා මම දන්නේ නෑ. දන්න කවුරු හරි පිංවතෙක් ඉන්නවානම් මට පොඩ්ඩක් කියන්න. මූව පටවලා අරින්න.)

කොහොම කොහොම හරි දැන් ඔන්න බස් හෝල්ට් එකටත් ආවා. මොන... බස් එකක් බේතකටවත් හොයාගන්න නෑ. එන ඒවත් පොල් පටවලා වගේ house full. දැන් මූ හෝල්ට් එකේ එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා. හරියට නිකන් ඇටිකෙහෙල් කාපු ‍චව්-චව් ව‍ගේ. මුගේ වෙලාවටද අවේලාවටද දන්නෙ නෑ, කොහෙන්ද මන්ද ළඳක් පාත් උනා හෝල්ට් එකට. පුහ්! බලන්න එපායැ ඒක. තොරම්බල් කරත්තයක්. කණේ කරාඹු දෙක ගන්න පුළුවන් සර්කස් එකක සිංහයෝ පන්නන්න. ගාලා තියෙන සැන්ට් එකේ සුවඳට ෂුවර් ඇන්ඩ් ෂොට් අහල ගම් හතක මදුරුවෝ ගෙවල් අතෑරලා දුවන්න ඇති. ඒකේ ලාභෙත් ආණ්ඩුවට තමා. ඇයි ඉතින් ආයේ සෑහෙන කාලෙකට මදුරුවෝ එළවන්න බේත් ගහන්න ඕනේ නෑනේ. හැබැයි මොනවා කිවුවත් මේකි ටිකක් ඇහැට කනට පෙනෙන එකී.

ඔය වගේ අසරණ කාන්තා පාර්ශවයක් දැක්කම ගොඩය ගේ හිත උණු වෙන එක ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්. දැන් මේකා පිස්සු පීකුදු වෙලා. ටිකක් එහාට යනවා. එතන වටේට කැරකෙනවා. ආයේ පොඩ්ඩක් මෙහාට එනවා. සපත්තුවෙන් තාර පා‍ර හාරනවා. බස් හෝල්ට් එකේ බටයක් අල්ලගෙන වටේට කැරකෙනවා. විසිල් ගහනවා. එක විකාරයයි.

බොලේ ගෑණුන් ගේ මොන මායම්ද? මුගේ බලන්න එපායැ මායම්. 64ට 256ක් විතර එතනම එළියට දැම්මා. මූ දැන් බස් හෝල්ට් එකේ සම්පූර්ණ චිත්‍රපටියක් රඟපානවා. ඔය වෙලාවේ චිත්‍රපටියට අඩු එකම එකත් - ඒ කියන්නේ දුෂ්ටයා - කොහේදෝ ඉඳලා ලෑන්ඩ් කළා. මේකා හෙන හයේ හතරේ මහසෝනා වගේ ඩයල් එකක්. මේකත් දැන් සැරෙන් සැරේ අර තොරොම්බල් කරත්තෙට බැල්ම දානවා. ගොඩයටත් වැඩේ ටික වෙලාවකින් මීටර් උනා. ඌ දැන් මහසෝනා දිහා බලාගෙන දත්මිටි කනවා. මටනම් අනිවා මීටර් මේක ඇදගෙන නෑමක් කියලා. ඉතින් හෙමින් සැරේ හෝල්ට් එකේ එහා පැත්තට වාෂ්ප වුනා.

අර තොරොම්බලේටත් තේරිලා ද කොහෙද මහසෝනා බැල්ම දාන බව. මේකිත් ටිකක් ගස්සලා කරලා රවලා බැලුවා දෙතුන් පාරක්ම මහසෝනා දිහා. මේ මදෑ ගොඩය‍ට. ඌත් නිකන් කූඩැල්ලා වගේ හෙමින් සැරේ ළං කළා නගා දිහාට. ටිකක් උගුර එහෙම කාරලා මහසෝනා දිහා රවලා සිංහ ටෝකක් දැම්මා.

“ඇයි නංගී, මොකක් හරි ප්රිශ්නයක් ද?”

කෙල්ල බැලුවා බැලිලක් ගොඩයා දිහා ඌ එතනම ෆුල් හින්දුස්ථාන්.

“ඈ වල් පාත්තයෝ! මායි මගෙ මිනිහයි අතර තියෙන ප්‍ර‍ශ්නය උඹට ප්‍ර‍ශ්නයක් උනේ කොහොමද?”

ගොඩයා ගේ කට බාගෙට ඇරුණා. හෝල්ට් එකේ උන් බඩවල් අල්ලන් හිනා වෙනවා. ඒත් ඌ මොනවත් කිව්වේ නෑ. කෙලින්ම පාරෙන් එහා පැත්තට පැනලා ආපු පළවෙනි බස් එකේ එල්ලිලා ‍යන්න ඕන පැත්තට විරුද්ධ පැත්තට ජම්බෝ ජෙට් එකක් වගේ සරල රේඛීයව විස්ථාපනය වුනා...



Share/Save/Bookmark

අලයාගේ ප්‍රවේශය නොහොත් උදේ පාන්දර මල්ලවපොර තරඟය...

උදේ පාන්දර කවුද මන්ද කාළකණ්ණියෙක් ඉල ඇට කූඩුව හෙලවෙන්න දෙකක් අයිනවා දැනිලා මට නැගිටුනා. "මොකාද යකෝ මෙතන මගුල් නටන්නේ?" නිදි මරගාතෙම සද්දයකුත් දාගෙන නැගිට්ටා. වෙන කවුද යක්කු ගස් යන පාන්දර මෙහෙම වැඩක් කරන්නේ?එහා ඇඳේ ගොඩයා ඉන්නවා දත් වල්ලත් එළියට දාගෙන මගේ මූණට එබිලා. පොටෝ කෑලි දෙක තුනක් ගත්තනම් අම්මපා අපායට යවලා කීයක හරි හොයාගන්න තිබ්බා. මූණේ හෙන සිරා පෙනුමක්. මට ටිකක් බයත් හිතුනා මේකට මොනා හරි ලෙඩක් වත් හැදිලද කියලා. ලේසි නෑනෙ එහෙම උනොත්. බෝඩිමේ එකට ඉන්න එකා විදිහට මේ බර කරත්තෙට කරගහන්න වෙන්නෙත් මටනෙ.


"මොකෝ උඹට? මොකක් හරි ලෙඩක් ද?" මාත් ඉතින් මිත්‍ර කම ප්‍රදර්ශනය කරන්න කියලා හිතාගෙන ඇහුවා."මට නෙවෙයි ලෙඩේ, උඹට" මේක ඇදලා ඇරපි නැතැයි තක්බීර් වෙන කථාවක්. මමත් ෆුල් හොල්මන්. හෙමින් සැරේ සරුවාංගෙම අතපත ගාලා බැලුවා අවශ්‍ය කරන අවයව ටික තියෙනවද කියලා. අවුලක් නෑ, ඔක්කොම තියෙනවා. ඊ ළඟට නළලට අතත් තියලා බැලුවා ළාවට හරි උණ ගතියක් තියෙනවද කියලා. ම්හු. එහෙමත් නෑ. "මට ඇති මගුලක් නෑ. උඹට පිස්සුද?" මට දැන් අම්බානක මල. ඊටත් වැඩිය බයත් එක්ක. මේ හඳ පායන දවස් වල මේකට පිස්සු තද වීගෙනවත් එනවද් කියලා. මුගේ බැල්මත් එච්චර හරි නෑ.


"උඹට කෙල්ලො ඇලජික් ද?" මෙන්න මේකා ඊළඟට අහපි. මූ එන පොට කොහොමටවත් හරි නැති නිසා මම පොඩ්ඩක් ගම හරහා දුවන්න ඕනෑ කරන ශරීරාංග ටික සූදානම් කරගෙන ප්‍රතිප්‍රශ්නයක් මූණ හරහා දමලා ඇරියා."උඹට තියෙන ඇම්ම මොකක්ද?" ගොඩයගේ අමුතු බැල්ම කොචෝක් හිනාවකට පෙරලුනා. "නොදකින් තෝ වගේ දෙලොවට නැති එකෙක්. මේ බලපිය" මූ උගේ පෝන් කට්ට මූණ දිහාවට මෑනුවා. මම ත් ඇස් දෙක පොඩ්ඩක් පිහ දාලා එහෙම බැලුවා මොකක්ද මේ හෙන ගෙඩිය කියලා. අම්ම්ටහුඩු, අපිත් එක්ක එකට වැලි සෙල්ලම් කරපු කොළු ගැටයෙක් කෑල්ලක් දාගෙන. මටත් ඉතින් මාර හැපී. අපෙන් එකෙක් දෙන්නෙක්ටවත් හරිගියනේ කියලා.

ඊළඟට මං ගොඩයා දිහාවට හැරුණා. "ඈ බොල බූරුවෝ, මේකා කෑල්ලක් දා ගත්තා කියලා අපි පලිද යකෝ? අනිත් එක මේකයි මාත් එක්කයි තියෙන සම්බන්දෙ මොකක්ද?" මට දැන් අසූ හාරදාහට නැගලා. තව ටික වෙලාවක් මේකා මේ සෙල්ලම කළොත් උදේ පාන්දර මට මල්ලවපොර ශිල්ප දක්වන්න වෙන තත්වයක් තමා උදා වෙන්නේ. (දැන් වටෙන් පිටෙන් එළියත් වැටීගෙන එනවා )


"තෝ ඕක කියෙව්වෙ නැද්ද, බලපන් ඌ දාගෙන ඉන්නේ කොහෙ කෑල්ලක් ද කියලා. උඹලගේ ගමේ එකක්. නොදකින් තොට ගමේ ඉඳලත් කෑල්ලක් දා ගන්න බැරි උනානේ." මට දැන්නම් අම්මපා මල අතේ. අතට ආව මල අනිත් අතට ඇරගෙන මේකගෙ ඇවරිය උදෑසන ආහාර පිණිස බඩට යැවීමේ පරම චේතනාව පෙරදැරි කරගෙන සංගක්කාර බෝලේ අල්ලන්න ඒම් කරලා පනිනවා වගේ ගොඩයගේ බෙල්ල ඒම් කරගෙන මම උගේ ඇඟට පැනලා, බිම දාගෙන යටත් කර ගත්තා. "ගල් හිවලා, හිකනලා..." මම උගේ බෙල්ලේ ග්‍රහණය අතාරින්නේ නැතුවම ජාතිය අමතන්න පටන් ගත්තා. "...නරියා, රෑ බදුල්ලා, කැරපොත්තා, යකෝ, මම මට ඕන වෙලාවට කෑල්ලක් දා ගන්නම්. තොට මොකද මම කෑලි එකක් නෙවේ සීයක් දා ගත්තත්. මොකද උඹද උන්ට කන්න දෙන්නේ? තෝ මගේ නින්දත් නැති කරලා වල්..." මෙහෙම මම කියවාගෙන ගියා. මෙතනින් එහාට දේවල් මහජන ප්‍රදර්ශනයට නොසුදුසු නිසා මම කියන්නේ නෑ.

ගොඩයා හොඳටම බයවෙලා. ඇසුත් උඩ ගිහින්. ඌ මගෙන් මෙහෙම රිඇක්ෂන් එකක් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති. ( මටත් වෙන වෙලාවක නම් අත ඇරලා දාන්න තිබ්බා. නමුත් ඊයේ රෑ තිස්සේ නිදි මරාගෙන චිත්තරපටි කෑල්ලක් කට පාඩම් කරලා මට කොර වෙන්න නිදි මතේ හිටියේ) මගෙන් ගැලවීමක් නැති බව දැනගෙන මේ යකා යටිගිරියෙන් බෙරිහන් දෙන්න පටන් ගත්තේ නැතෑ. "බුදු අම්මෝ මෙන්න වල් ඌරෙක් කාමරේට පැනලෝ. මාව බේරපියෝ..." ටික වෙලාවයි ගියේ. "ජරබරාස්" ගාලා දොර කඩාපාත් උනා. බෝඩිමේ අන්කල් කාරයා ගෙදර ලස්සන ට එල්ලලා තිබුන සුද්දගේ කාලේ බෙහෙත් කොටන තූවක්කුවත් ඇරගන කාමරේ ඇතුළට පැනල "කෝ බොල ඌරා?" කියලා ගුගුරන්න ගත්තේ නැතෑ..



අලයාගේ පසුවදන


ගොඩයා වැනි තමන්ගේ වැඩක් බලාගෙන පැත්තකට වී සිටිය නොහැකි අමුතු කැහිල්ලක් ඇති දෙලොවටම නැති උන් හැමතැනම සිටිත්ය. උන්ට ඕන්නැති මගුලක් නැත. විශේෂයෙන්ම බඩු කතන්දර වලදී මුන්ට ඇති වන්නේ මාර ඇම්මක්ය. යාළුවාගේ ෆිට් එකට යෑම වෙනම කතාවක්ය. එහෙත් ෆිට් එක වීමට ගොස් ඇණයක් වීම වෙනම කතාවක්ය. හැකිනම් මේ වගේ උන්ට වරක් හෝ අලයා ගොඩයාට සැළකුවා මෙන් සැළකිය හැකිනම් මනාය. (එහෙත් මෙසේ සලකන්නට යාමේදී කඩා පනින තුවක්කු උරුක් කරගත් බෝඩිමේ අන්කල්ලා ගැන අලයා වගකියනු නොලබන බව සැළකිය යුතු මනාය ) ගොඩයා මගේ යාළුවා වුවත් මේ ටික කිව යුතුය.
Share/Save/Bookmark

අලයාට මල මගුලකි!!!!

අලයා‍ට මල මගුලක් සිදු වුනා. පහුගිය දවස් ටිකේ ‍ජංජාලයේ කරක් ගැසීමට නොහැකි වූ දින ‍ටික‍ට මගේ බ්ලොග් ලියන විද්‍යුත් ලිපිනයට ගොඩයා ගේමක් දීලා. මූ මගේ පහුගිය post එක නිසා සෑහෙන හිතේ අමාරුවකින් හිටියේ.‍ ඒත් යකෝ එහෙමැයි කියලා ‍මෙහෙමත් කඩාකප්පල්කාරී ඔල්මොරොන්දම් වැඩ කරන සිරිතක් තියෙනවද මම අහන්නේ?

මට තාම හොයාගන්න බැරි උනානේ මූ මේ ගේම දුන්න හැටි... කමක් නෑ. අද ඉඳලා අලයා අල වවනවා අ‍ලුත් තැනක. අල හෑරීමට කැමැත්තෝ පැමිණෙත්වා....

Share/Save/Bookmark